මියගිය මාධ්‍යවේදිනියගේ අවමංගල්‍යයටත් ඊශ්‍රායල් ප්‍රහාරයක්...

මැයි 14, 2022

    අල් ජසීරා මාධ්‍ය ජාලයේ ෂිරීන් අබු නැමති මාධ්‍යවේදිනියගේ අවමංගල්‍යය අතරතුර පැවැත්වූ විරෝධතාවකට ඊශ්‍රායල් ආරක්ෂක අංශ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

    ඊශ්‍රායලය පවසන්නේ එම පිරිස කලහකාරී ලෙස හැසිරිණු බවයි. ඔවුන් මරණයට වගකිවයුත්තේ ඊශ්‍රායලය බව කියා සිටියා. ඊශ්‍රායල් පොලීසිය විරෝධතාකරුවන්ට පහර දුන් අතර, එහිදී මාධ්‍යවේදිනියගේ දේහය ද බිම වැටී තිබෙනවා. මේ හේතුවෙන් තත්ත්වය වඩාත් බරපතල වුණා. අවමංගල්‍යය කටයුතු අවසන්ව වීදිවලට අවතීර්ණවූ ජනතාව ඊශ්‍රායල් පොලීසියට ගල්වලින් පහරදීමට පටන් ගෙන තිබුණි. පලස්තීන දේශසීමා අසළ තවමත් නොසන්සුන්තාවක් පවතින බවයි, වාර්තා වන්නේ. මාධ්‍යවේදිනියගේ මරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    Latest News