යුක්රේන යුද්ධය හේතුවෙන් මෙසේ සරණාගතයින් ලෙස ජනතාව පලායාමට පටන්ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පවසනවා. රුසියාව විසින් පසුගිය පෙබරවාරි 24වැනිදා යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළා. මැයි මස 11වැනිදා වන විට එලෙස රට හැරගිය යුක්රේන ජාතීකයන්ගේ සංඛ්‍යාව 6,029,000 ඉක්මවාගොස් තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් මුලින්ම පෝලන්තය ප්රමුඛ අසල්වැසි රටවලට පලාගොස් තිුබණා. එලෙස පලාගිය යුක්රේන පුරවැසියන් අතර 90%ක්ම කාන්තාවන් සහ ළමයින් බවට අනාවරණය වී තිබෙනවා. වයස අවුරුදු 18ත් 60ත් අතර පිිරිමි පුද්ගලයින්ට හමුදා සේවය සඳහා රටතුළ රැඳී සිටීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවයි. යුද්ධය හේතුවෙන් තවත් මිලියන 8කට ආසන්න යුක්රේන ජාතිකයන් සිය රට තුළ අවතැන්වී ඇති බවයි, ජාත්‍යන්තර සංක්‍රමණික ආයතන සඳහන් කරන්නේ.