එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අභාවප්‍රාප්ත වේ...

මැයි 13, 2022

    එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා අද (13) අභාවප්‍රාප්ත වුණා.

    ඔහු ලොව ධනවත්ම රාජ වංශිකයෙකු ලෙසයි සලකණු ලබන්නේ. 2004 වසරේ සිට ශෙයික් කලීෆා එක්සත් අරාබි එමීර් හි ජනාධිපති පදවිය දරුවා. එහෙත් 2014 වසරේදී රෝගාතුර වීමෙන් පසු ඔහු ක්‍රියාකාරී ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණේ නැහැ.

    මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73ක්. වර්තමානයේ ඔහු සතු වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් කෝටි 15,000ක් වන බව, භාණ්ඩාගාර වාර්තා පෙන්වා දෙනවා. ඔහු අබුඩාබි රාජ්‍යයේ පාලකයා ද වනවා. මේ වන විට නව පාලකයා ලෙස ඔහුගේ සොයුරු මොහොමඩ් බින් සයාද් අල් නයාන් පත්කර තිබෙනවා.

    Latest News