යුක්‍රේන හමුදාව, රුසියානු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරයි

මැයි 13, 2022

    රුසියානු හමුදාවන්ට යුක්‍රේනයේ ඩොන් බාස් ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම දුෂ්කර වී ඇති බව, බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අංශ පවසනවා.

    යුක්‍රේන හමුදාව, රුසියානු ප්‍රහාරවලට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි, ඔවුන් සඳහන් කරන්නේ. රුසියානු ආරක්‍ෂක අංශ යුක්‍රේනයේ ප්‍රදේශ රැසක බලය අල්ලා ගැනීමෙන් අනතුරුව, යුක්‍රේන හමුදාව නැවතත් එම ප්‍රදේශ අත්පත් කර ගනිමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර, රුසියානු හමුදාව බටහිර යුක්‍රේන දේශ සීමාව ආසන්නයට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලින් එහි ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව ඇති අතර, මධ්‍යම යුක්‍රේනයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ද රුසියානු ප්‍රහාර එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. එසේම, කර්කිව් ගුවන් තොටුපොළට ද රුසියානු හමුදාව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    Latest News