ඉරාකයේ වැලි කුණාටුවකින් 5,000කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ... Mail Online

ඉරාකයේ වැලි කුණාටුවකින් 5,000කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ...

මැයි 06, 2022

    ඉරාකයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ බලපෑ වැලි කුණාටුවක් හේතුවෙන්, 5,000කට අධික පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.

    වැලි කුණාටුවට හේතුව මේ දිනවල පවතින අධික වියළි කාලගුණයයි. සිද්ධියෙක් එක් පුද්ගලයෙුක මියගොස් තිබෙනවා. රෝහල්ගත වූවන්ගෙන් බහුතරයක් ස්වසන ආබාධවලට ලක්ව තිබෙනවා. වැලි කුණාටුවෙන් වැඩි බලපෑම එල්ලවී ඇත්තේ,  "බැග්ඩෑඩ්" අගනුවරට සහ "අල්-අන්බාර්" ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ 06කටයි. දේශගුණික විපර්යාස හේතුවෙන් මැදපෙරදිග බොහෝමයක් රටවලට දූවිලි සහ වැලි කුණාටුවලින් එල්ලවන බලපෑම මෑත වසරවලදී වැඩිවී තිබෙනවා.

    Latest News