නවසීලන්තය අද (02) සිට සංචාරකයන්ට විවෘත කෙරේ... ALJAZEERA

නවසීලන්තය අද (02) සිට සංචාරකයන්ට විවෘත කෙරේ...

මැයි 02, 2022

    නවසීලන්තය අද සිට විදෙස් සංචාරකයන් සඳහා සිය දේශසීමා යළි විවෘත කර තිබෙනවා.

    ඒ, කොරෝනා වසංගත තත්වය හේතුවෙන්, වසර 02කට ආසන්න කාලයක් රට සංචාරකයන් සඳහා වසා දමා තිබීමෙන් අනතරුවයි. එන්නත්කරණයට ලක්ව ඇති රටවල් 60කට අධික සංඛ්‍යාවක සංචාරකයන්ට අද සිට නවසීලත්තයට ඇතුළු වීමට හැකියාව පවතිනවා.

    ඕක්ලන්ඩ්, ගුවන්තොටුපොළ වෙත සංචාරකයයන් රැසක් දැනටමත් පැමිණ ඇති බවයි, වාර්තා වන්නේ. කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අවම වීම හේතුවෙන්, රට විවෘත කිරීමට එරට රජය විසින් කිහිපවරක්ම උත්සහ කරනු ලැබුවා. නවසීලන්තයෙන් දෛනික ආසාදිතයන් 5,000ක් පමණ වාර්තා වනවා. මේ වන විට එරටින් හඳුනාගැනුණු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 936,000 ඉක්මවාගොස් තිබෙනවා.

    Latest News