පකිස්තානයට අඛණ්ඩව සෞදි මූල්‍යාධාර

මැයි 02, 2022

    සෞදි අරාබි රජයේ මූල්‍යාධාර, පකිස්තානයට අඛණ්ඩව ලබාදීමට එකඟතාව පළ වී තිබේ.

    සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මේ බව ප්‍රකාශ කළේය. ඒ පකිස්තාන අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනූවයි.

    හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‍පාලන ස‍මයේදී සෞදි රජය පකිස්තාන මහ බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 3ක මුදල් සංචිතයක් තැන්පත් කරනු ලැබීය. එය තවදුරටත් එලෙසම පවත්වාගෙන යාමට ද සෞදි රජයේ එකඟතාව පළ වී තිබිණ.

    ඩොලර් බිලියන ක මුදල පරිත්‍යාග කර ඇත්තේ, පකිස්තානයේ විදෙස් සංචිත බිලියන 10.8 දක්වා පහත වැටීමත් සමගයි.

    නව අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් සෞදි අරාබියේ නිල සංචාරයක දී මූල්‍ය සහන ලබා ගැනීමට සාකච්ජා කළේය.
    බොරතෙල් හා අනෙකුත් ඛනිජ තෙල් සදහා ප්‍රතිපාදන ලබාදීමට ද සෞදි රජය එකඟතාව පළ කළේය.

    Latest News