පිලිපීනයේ ගින්නකින් 8ක් මරුට....

මැයි 02, 2022

    පිලිපීනයේ මැනිලා අගනුවර ඇතිවූ ගින්නකින් 8දෙනෙකු මියගොස් තිබෙනවා.

    මියගිය පිරිස අතර කුඩා දරුවන් 6දෙනෙකු වන බව, විදෙස් වාර්තාවල සඳහන්. ගින්න මුලින්ම හටගෙන ඇත්තේ, මැනිලා අගනුවර ක්වෙසොන් ප්‍රදේශයේ, විශ්වවිද්‍යාලයක දෙවැනි මහලේයි. අනතරුව, එය අසළ පිහිටි නිවාස සමූහයක් වෙත පැතිර ගොස් තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. නිවාස 80ක් පමණ මුළුමණින්ම විනාශ වී තිබේ. මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති අතර, ඊට පැය 2ක් පමණ ගතවූ බව, බලධාරින් පවසනවා.

    Latest News