පැය 48ක් තුළ යුක්‍රේනයෙන් ඉවත් වන්නැයි අමෙරිකානුවන්ට නිවේදනයක්... CNBC

පැය 48ක් තුළ යුක්‍රේනයෙන් ඉවත් වන්නැයි අමෙරිකානුවන්ට නිවේදනයක්...

පෙබ 12, 2022

    යුක්‍රේනයේ වෙසෙන සියලු අමෙරිකාවුනන්ට පැය 48 ක් ඇතුළත ඉවත් වන්නැයි,  ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ. යුක්‍රේනය ඕනෑම මොහොතක ආක්‍රමණයකට ලක්විය හැකි බවයි. යුක්‍රේනය සම්බන්ධයෙන් අමෙරිකාව නිකුත් කළ භයානකම අනතුරු ඇඟවීම ද මෙයයි. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලෙයිවන් වොෂිංටනයේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේ, නුදුරේදීම යුක්‍රේනය ඉලක්ක කර ගත් මෙහෙයුමක් සිදුවිය හැකි බවයි.

    ආක්‍රමණයකදී, සිවිල් වැසියන්ද විශාල වශයෙන් අනතුරට පත්විය හැකි බව, විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා. යුක්‍රේන දේශසීමාවේ ස්ථානගතකර ඇති රුසියානු යුධ ගුවන් යානා, චන්ද්‍රිකා, රූප රාමු ආධාරයෙන් හෙළි කරගැනීමට අමෙරිකානු ආරක්ෂක අංශවලට හැකිවී තිබෙනවා.

    එම දත්ත අනුව අමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ, ගුවන් ප්‍රහාරයකින් ආක්‍රමණය ආරම්භ විය හැකි බවයි. යුක්‍රේන - රුසියා දේශසීමාවේ මේ වන විටත් 130,000 කට වැඩි හමුදා භට පිරිස් රඳවා සිටිනවා. ආක්‍රමණය පිලිබඳව රුසියානු ජනාධිපති පූටින් ගෙන ඇති අවසාන තීරණය කුමක්ද යන්න තවමත් අපහැදිලි බවයි, බුද්ධි අංශ පවසන්නේ. කෙසේ වුවද රුසියානු බලධාරින් ප්‍රකාශ කරන්නේ,  අමෙරිකාව පවසන තරම් යුධමය සූදානමක් තමන්ට නොමැති බවයි.

    Last modified on සෙනසුරාදා, 12 පෙබරවාරි 2022 15:52

    Latest News