චීන මුහුදේ ගිලුණු "එෆ් 35" සොයා දැඩි තරගයක්

ජන 28, 2022

    දකුණු චීන මුහුදේ දී අනතුරට පත් "එෆ් 35" වර්ගයේ ප්‍රහාරක ජෙට්යානය සොයා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි තරගයක් හට ගෙන තිබේ.

    තම රටට අයත් එම යානය, චීනය විසින් සොයා ගනු ලැබීමට පෙර ඒ වෙත ළගා වීමට අමෙරිකාව දැඩි උත්සාහයක නිරතව සිටියි.

    මෙම අධි තාක්ෂණික ප්‍රහාරක ගුවන් යානය අන්තර්ජාතික මුහුදු සීමාවේ ගිලී ගොස් ඇති බැවින් එය ප්‍රථමයෙන් සොයා ගන්නා තැනැත්තාට අයිතිය හිමිවෙයි. අති නවීන තාක්ෂණික ජෙට් යානයක් වන මෙය චීනය අතර පත්වුවහොත් එහි රහස් චීනය දැන ගැනීම පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවෙයි.

    මෙම යානය ගිලී ගිය ස්ථානයට අමෙරිකානු ගලවාගැනීමේ නෞකාව පැමිණීමට තවත් දින 10ක පමණ කාලයක් ගත වනු ඇති බවයි, වාර්තා වන්නේ.

    ඊට පෙර චීනය එය සොයා ගැනීමට උත්සාහ දරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 'එෆ් 35' ජෙට් යානා හැඳින්වෙන්නේ ලොව වැඩිම වියඳමක් දරා නිපදවන ලද යුද උපකරණ ලෙසයි.
    එම යානා නිපදවීමේ ව්‍යාපෘතියට වැය කර ඇති සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7කට අධිකයි. 

    Latest News