දකුණු කොරියාව පැවසුවේ එම මිසයිලය අලුයම් කාලයේ දියත් කර ඇති බවයි. ජපාන වෙරළාරක්ෂක බලකාය ද එය තහවුරු කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු සහ කොරියානු බුද්ධි අංශ බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේශනයක් සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.