ඔස්ට්‍රෙිලියාවේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි... AFP

ඔස්ට්‍රෙිලියාවේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි...

ජන 10, 2022

    ඔස්ට්‍රෙිලියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අද මිලියනයේ සීමාව පසු කළා.

    ඒ එරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන "ඔම්ක්‍රෝන්" ප්‍රභේදය හේතුවෙන්.   ඔස්ට්‍රෙිලියාව දෛනික ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටිනවා. ඔස්ට්‍රෙිලියාවෙන් වාර්තා වන රෝගීන් මිලියනයෙන් අඩකට වඩා වාර්තා වූයේ,  පසුගිය සතිය තුළයි. මේ නිසා එරට රෝහල් පද්ධතිය හා භාණ්ඩ බෙදාහැරීමේ දාම දැඩි ලෙස අකර්මණ්‍ය වීය හැකි බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ප්‍රාන්ත රජයන් යම් සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. එරට බලධාරින් පෙන්වා දෙන්නේ, මුලු ජනගහනයෙන් 92% ප්‍රතිශතයක් එන්නත් මාත්‍රා 02 ම ලබා සිටීම හේතුවෙන් රෝහල් ගතවීම්, වාර්තා වන ආසාදිතයින් ගණනට සාපේක්ෂව  අවම මට්ටමක පවතින බවයි. එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ, නැවත රට අගුලු දැමීමකට ලක්නොකරන අතර, වෛරස ව්‍යාප්තිය අවම කිරීමට අවශ්‍ය පියවර පමණක් ගැනීමට තීරණය කර ඇති බවයි.

    Latest News