ඕස්ට්‍රේලියාවේ කොරෝනා පාලනයට සඳහා හමුදා සහය

ජූලි 30, 2021

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා හමුදා සහය ලබාගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    සිඩ්නි නගරයේ තුළින් වාර්තාගත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවන් හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් ගතවූ පැය 24 තුළ දී නව ආසාදිතයන් 239 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාව තුළ හටගෙන ඇති නව කොවිඩ් රැල්ල ඩෙල්ටා ප්‍රභේදය මගින් ඇති වූවක් බවයි එම සෞඛ්‍ය අංශ පවසන්නේ. අද වන විට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 33000 ක් ඉක්මවා තිබෙනවා. මිය ගිය සංඛ්‍යාව 923ක්.

    Latest News