'ඔමික්‍රෝන්' පැතිරීම ඉතා වේගවත්

දෙසැ 07, 2021

    ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ගෝලීය වශයෙන් බලාපොරොත්තු වූවාට වඩා පැතිර යාමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මේ හේතුවෙන් ලොව කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් විශාල වශයෙන් ඉහළ යා හැකි බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රස් ගේබ්‍රියේසස් කියා සිටියේ, ගෝලීය වශයෙන් එන්නත්කරණයට වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බවයි.එසේම දිළිඳු රටවලට ලබා දෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව ඔහු යළිත් අවධාරණය කරයි.

    මේ අතර, බ්‍රිතාන්‍යයේ ද ඔමික්‍රෝන් ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පවසයි. ඔහු ප්‍රකාශ කළේ මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජ ගත වී ඇති බවයි. බ්‍රිතාන්‍යයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් 336 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 07 දෙසැම්බර් 2021 12:18

    Latest News