ඒඩ්ස් ආසාදිත දරුවන් ඉගෙනුම ලබන, ලින්ෆෙන් රතු පීත්ත පටි පාසලේ මෙම උත්සවය පවත්වනු ලැබීය. පාසලේ 10 වැනිසංවත්සරය ද මෙහිදී සැමරිණ.
ගත වූ වසර 10 තුළ එම පාසලේ සුන්දර අවස්ථා සිය දේශනයේ දී සිහිප ත්කළ ජනාධිපති ආර්යාව නොනවත්වා ආදරය පතුරවන ලෙසට සිසු සිසුවියන් දිරිමත් කළාය. ඔවුන්ට ඇය සිය ආශීර්වාදය ද පිරිනැමුවාය.
චීනයේ ඒඩ්ස් පාලනය කිරීමේ ප්‍රයත්නය මෙම අවස්ථාවෙන් පිළිබිඹු විය. එසේම, ඒඩ්ස් ආසාදිතයින් සහ ඒඩ්ස් ආසාදිත දරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කරමින් චීනය ලබාදුන් රැකවරණය
ප්‍රශස්ත බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.