ඇෆ්ගන් අගමැතිගෙන් මාධ්‍යයට හඬපටයක්...

නොවැ 28, 2021

    තම රට, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව ඇෆ්ගනිස්ථාන රජය පවසනවා.

    තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘ හා වර්තමාන අගමැති මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩි මේ බව කියා සිටියේ, මාධ්‍යයට හඬ පටයක් නිකුත් කරමින්. ඔහු අගමැති ධූරයට පත්වීමෙන් අනතුරුව මාධ්‍යය නිකුත් කළ ප්‍රථම හඬපටය මෙයයි.

    එහි සඳහන් වන්නේ, ලොව සියලු රටවල් සමග යහපත් ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමට තම සංවිධානය බලාපොරොත්තු වන බවයි. ඇෆ්ගනිස්ථානය සංවර්ධිත රටක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අපේක්ෂා කරන බවයි, ඔහු කියා සිටියේ.

    Latest News