ඔමිරෝන් වෛරස් ව්‍යාප්තියෙන් ලොව රටවල් රැසක් දැඩි අවදානමක...

නොවැ 28, 2021

    දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැණුනු ඔම්ක්‍රෝන් කොවිඩ් වෛරස නව ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා ලොව රටවල් රැසක් දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

    එහි ව්‍යාප්තිය වැළැක්වීමට බොහෝ රටවල් සංචාරක තහනම් පැනවීමටයි, පියවර ගෙන ඇත්තේ. දකුණු අප්‍රිකාවේ ගව්ටෙං පළාතෙන් ප්‍රථම වරට හඳුනාගැනුණු ඔම්ක්‍රෝන් නව ප්‍රභේදය එරටින් මෙතෙක් හඳුනාගනු ලැබූ විකෘතිතා බහුලතම කොවිඩ් ප්‍රභේදය වන බවයි, විශේෂඥයින් පවසන්නේ.

    එම ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පිළිබඳව ලොව සියලුම රටවල් දැඩි අවදානයකින් පසුවිය යුතු බව, ඔවුන් පෙන්වා දෙනවා. මෙම නව ප්‍රභේදය කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට සාපේක්ෂව එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින් අතර ව්‍යාප්තවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවයි, එම විද්‍යාඥයින් පවසන්නේ.

    මෙතෙක් හඳුනාගත් ඉහළ සම්ප්‍රේෂණයක් සහිත කොවිඩ් ප්‍රභේද සමග සසඳා බැලීමේදී ඔම්කෝන් නව ප්‍රභේදය පුද්ගලයෙකුට එක්වරක් ආසාදනය වූ පසු යළිත් වරක් ආසාදනය වීමේ අවදානම වැඩි බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එබැවින් එය ඉහළ අවදානමක් සහිත ප්‍රභේදයක් ලෙස එම සංවිධානය නම්කර තිබෙනවා. විශේෂඥයින් පවසන්නේ මෙම නව ප්‍රභේදය දැනට භාවිත කරන කොරෝනා මර්දන එන්නත් වලට ඔරොත්තු දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව පර්යේෂණ පවත්වමින් සිටින බවයි.

    Latest News