"ඔම්ක්‍රෝන්" ; රටවල් රැසකින් සංචාරක සීමා....

නොවැ 28, 2021

    දකුණු අප්‍රිකාවෙන් හඳුනාගනු ලැබූ ඔම්ක්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයින් රැසක් ලොව රටවල් කිහිපයකින් වාර්තාවී තිබෙනවා.

    මේ තත්වය හේතුවෙන් රටවල් රැසක් දකුණු අප්‍රිකාව සඳහා සංචාරක තහනමක් පනවනු ලැබුවා. ඉකුත් 24 වැනිදා දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ මෙම නව වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයන් පසුගිය දිනවල බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායලය, බොට්ස්වානා යන රටවලින් ද වාර්තා වුණා. මේ අතර ඊයේ චෙක් ජනරජයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වූ අතර, ජර්මනියෙන් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැණුනා.

    ඉතාලියෙන් ද ආසාදිතයෙකු ද හඳුනාගෙන තිබෙනවා. මේ තත්වයත් සමග බ්‍රිතාන්‍ය, අප්‍රිකානු රටවල් 06 ක් සඳහා සංචාරක තහනම් පනවනු ලැබුවා. අමෙරිකාව අප්‍රිකානු රටවල් 07 කටද, ඔස්ට්‍රෙිලියාව අප්‍රිකානු රටවල් 09 කට ද එක්සත් ආරබි එමීර් රාජ්‍යය රටවල් 07 කට ද, ඕමාන් රාජ්‍යය රටවල් 07 කටද, සංචාරක තහනම් පනවා තිබෙනවා. තායිලන්තය රවවල් 08 ක් සඳහා ද දකුණු කෙරියාව රටවල් 08 ක් සඳහා ද සංචාරකයින් පැමිණීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

    මේ අතර ඊශ්‍රායලය ද සියලුම් රටවල් සඳහා සංචාරක තහනම් පනවා ඇති අතර, එය දින 14 ක් දක්වා ක්‍රියාත්මකයි. ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය සංචාරකයින් සඳහා සංචාරක සීමා දැඩිකර තිබෙනවා. බ්‍රිතාන්‍ය සංචාරකයින් ලබන මස සිට එරටට ඇතුළු කරගනු ලබන්නේ, කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වූ සහතිකය ඉදිරිපත් කලහොත් පමණි.

    Last modified on ඉරිදා, 28 නොවැම්බර් 2021 13:13

    Latest News