බයිඩන් තම බලතල කමලා හැරිස්ට පවරයි

නොවැ 20, 2021

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපති කමලා හැරිස් වෙත පවරා දී ඇති බව එරට ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

    වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ජනාධිපති ජෝ බයිඩන් නිර්වින්දනය කෙරෙන බැවින් මෙලෙස උප ජනාධිපතිනි වෙත බලය පැවරෙන බව වාර්තා වෙයි.
    මෙසේ අමෙරිකාව තුළ ජනාධිපති බලතල තාවකාලිකව හෝ කාන්තාවක් වෙත පැවරෙන්නේ පළමු වතාවටයි.

    ඒ අනූව, කමලා හැරිස් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හෙබවූ පළමු කාන්තාව බවට ඉතිහාසයට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

    වයස අවුරුදු 57ක් වන කමලා හැරිස් වෙත මෙසේ බලය පැවරෙන්නේ, විනාඩි 85ක කාලයක් සඳහා පමණක් වන අතර එම කාලය තුළ ජෝ බයිඩන්ගේ වෛද්‍ය පරීක්ෂණය නිම කිරීමට වෛද්‍යවරුන් බලාපොරොත්තුව සිටියි.

    එතෙක් හැරිස් මහත්මිය ධවල මන්දිරයේ බටහිර අංශයේ පිහිටි සිය කාර්යාලයේ සිට සිය රාජකාරී කටයුතු සිදු කරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

    Last modified on සෙනසුරාදා, 20 නොවැම්බර් 2021 14:11

    Latest News