ජර්මනියේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ

නොවැ 19, 2021

    ජර්මනියෙන් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා විය.

    64,000 ඉක්මවූ එම ආසාදිතයන් සංඛ්‍යාවත් සමග ජර්මනිය,යුරෝපානු කලාපය තුළ දැඩි අවදානම් තත්වයකට පත්ව තිබේ. ජර්මනියෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් ඊයේ 12,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවයි, එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    ආසාදිතයන් වාර්තා වීම සම්බන්ධ සංඛ්‍යා ලේඛන දෝෂ සහිත බැවින් දැනට වාර්තා වී ඇති සංඛ්‍යාවට වඩා සැබෑ ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි විය හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 19 නොවැම්බර් 2021 12:58

    Latest News