බ්‍රිතාන්‍යයේ සිදුවූ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක්....

නොවැ 15, 2021

    බ්‍රිතාන්‍යයේ ඊයේ සිදුවූ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිව්දෙනෙකු අතඅඩංගුවට ගත් බවයි, එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පිපිරීම සිදුවුණේ, ලිවර්පූල් කාන්තා රෝහල අසළයි. ඉන් පුද්ගලයෙකු මියගියා. ඔහු එම මෝටර් රථයෙන් ගමන් කළ පුද්ගලයා බව, විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ වුවද රථයේ රයදුරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

    යුද විරුවන් සැමරීමට විනාඩි 2 ක නිහැඬියාවක් සඳහා කුලී රථය මාර්ගයේ නතර කළ අවස්ථාවේ පිපිරීම සිදුව තිබෙනවා. කෙසේ වුවද රථයේ රියදුරුට කිසියම් සැක කටයුතු දෙයක් පිලිබඳ අවබෝධවීමත් සමග ඔහු රථය නතර කර තිබෙනවා. මේ නිසා ජීවිත රැසක් සුරක්ෂිත කරගැනීමට හැකිවුණා. රියදුරු ගත් එම තීරණය නිසා ඔහු බ්‍රිතාන්‍යයේ වීරවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 20,21,26 සහ 29 ක් වූ, තරුණයන් සිව් දෙනෙක්.

    Latest News