ඔස්ට්‍රියාවේ වෛරස ව්‍යාප්තිය පාලනයට නව නීති...

නොවැ 15, 2021

    ඔස්ට්‍රියාව, අද සිය එරට වෛරස ව්‍යාප්ති පාලනයට නව නීති පනවා තිබෙනවා.

    ඒ අනුව, එන්නත්කරණයට ලක් නොවූවන්ට නිවෙස්වලින් බැහැරව යාම තහනම් වනු ඇති. එරට සමස්ත ජනගහනයෙන් එන්නත්කරණයට ලක්වූ පිරිස 65% ක්. එය බටහිර යුරෝපයේ අඩුම එන්නත්කරන ප්‍රතිශතය ලෙසයි, සැලකෙන්නේ.

    මේ වන විට සමස්ත යුරෝපා කලාපයද, යළි කොරෝනා වෛරස ව්‍යාප්තියේ මර්මස්ථානයක් බවට පත් වෙමින් තිබෙනවා. ඇතැම් රටවල් වසා තැබීමේ නීති ක්‍රියාත්මක කරමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News