ඩෙල්ටා ප්‍රභේදයෙන් චීනය අවදානමක...

නොවැ 15, 2021

    චීනය, යළි කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානමට ලක්ව තිබෙනවා.

    බීජිං ඇතුළු එරට ප්‍රධාන නගර රැසක ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. බීජිං නගරයේ පුද්ගලයින්ට, අනෙකුත් ප්‍රදේශ වෙත ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ඉකුත් ඔක්තෝබර් 17 වැනිදා සිට ඊයේ දක්වා රට අභ්‍යන්තරයෙන් හඳුනාගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 1,300 කට අධිකයි.

    එරට කලාප 21 ක වෛරස ව්‍යාප්තිය සිදුව තිබෙනවා. ලොව ඇතැම් රටවලට සාපේක්ෂව චීනයෙන් ආසාදිතයන් විශාල ලෙස හඳුනා නොගැනුන ද, ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි, බලධාරින් පවසන්නේ.

    Last modified on සදුදා, 15 නොවැම්බර් 2021 18:03

    Latest News