ගෝලීය කොවිඩ් මරණ ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා 60%ක ඉහළට

නොවැ 02, 2021

    ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව දැනට ප්‍රකාශවන සංඛ්‍යාවට වඩා 60%කින් පමණ ඉහළ අගයක් වනු ඇතැයි,සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. රටවල් 14ක් ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණයකදී මේ බව අනාවරණය විය.

    බොහෝ රටවල සිදුවන කොරෝනා මරණ නිසි පරිදි වාර්තා නොවන බවයි, විශ්වවිද්‍යාල කිහිපයක් මගින් සිදු කරන ලද එම වාර්තාවේ දැක්වෙන්නේ.

    රටවල සාමාන්‍ය මරණ අනුපාතය සහ වර්තමාන මරණ අනුපාතය අතර විශාල වෙනසක් තිබෙන අතර කොරෝනා මරණ වාර්තා වීම සහ සාමාන්‍ය මරණ අනුපාතය අතර වෙනස ඇතැම් රටවල සාපේක්ෂව විශාල අගයක් ගන්නා බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 12:40

    Latest News