පාප් වහන්සේ ඉන්දියාවේ චාරිකාවකට සූදානමින්.....

නොවැ 01, 2021

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දියාවේ චාරිකාවක නිරත වීමට සූදානම් බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    ඒ, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීමකට අනුවයි. ලොව ධනවත් රටවල් එක්ව පවත්වනු ලබන “ජී 20“ සමුළුවට සහභාගිවීම සඳහා ඉතාලියට ගොස් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පාප් වහන්සේ මුණගැසී විශේෂ සාකච්ජාවක නිරතව තිබෙනවා. ඒ අනුව, පසුගිය සෙනසුරාදා කළ ඉල්ලීම පිළිගෙන වතිකානු බලධාරීන් පාප් වහන්සේ ඉන්දියාවේ චාරිකාවක් සඳහා සූදානම් වන බවයි, දන්වා ඇත්තේ.

    1999 වසරේ දී දෙවන ජුවාන් පාවුල් පාප් වහන්සේ ඉන්දියාවේ කළ චාරිකාවෙන් පසු පාප් වහන්සේ නමක් යළි එරට චාරිකාවකට එක්වී නැහැ. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්‍ෂය සහ කතෝලික පාර්ශ්ව අතර විවිධ උණුසුම් මත ගැටුම් පවතින පසුබිමක් තුළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එරට චාරිකාවක එක්වීම සුවිශේෂි බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    ඉන්දියාවේ රෝමානු කතෝලිකයන් මිලියන 20ක් පමණ සිටින අතර, එය එරට ජනගහනයෙන් 1.50%ක පමණ පිරිසක් වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

    Last modified on සදුදා, 01 නොවැම්බර් 2021 18:00

    Latest News