රුසියාවේ කොවිඩ් රෝග ව්‍යාප්තියේ වාර්තාගත ඉහල යාමක්...

ඔක් 31, 2021

    රුසියාවේ කොවිඩ් රෝග ව්‍යාප්තියේ වාර්තාගත ඉහල යාමක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කෙවිඩ් මරණ වාර්තා වූයේ ද රුසියාවෙන්. එම සංඛ්‍යාව 1,160 ක්. එන්නත්කරණයේ මන්දගාමී බව මීට මූලික හේතුව බවයි, සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

    එරට මුළු ජනගහනයෙන් එන්නත් ලබාදී ඇත්තේ තුනෙන් එකක පිරිසකට පමණයි. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා හෙට සිට සේවා ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇති අතර, මොස්කව් අගනුවර ද අර්ධ වශයෙන් වසාදමා තිබෙනවා.

    Latest News