ජී - 20 සමුළුව අද (30) ඉතාලියේදී...

ඔක් 30, 2021

    20 දෙනාගේ කණ්ඩායම හෙවත් ජී - 20 සමුළුව අද ඉතාලියේදී ආරම්භ වුණා.  

    කෙරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු මෙම රාජ්‍ය නායකයින් මුහුණට මුහුණ හමුවන්නේ පළමු වතාවටයි. ලොව බලවත්ම ආර්ථිකයක් හිමි රටවල් 19 ක් සහ යුරෝපා සංගමය මීට අයත්වනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජ්‍ය නායකයින් විශාල ප්‍රමාණයක් මීට සහභාගී වනවා.

    කෙසේ වෙතත් චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඉතාලියට නොපැමිණි අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවට සහභාගී වීමට නියමිතයි. මෙවර ජී - 20 සමුළුවේ ප්‍රධාන මාතෘකා අතර දේශගුණික විපර්යාස සහ කොරෝනා වසංගතය ද වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News