ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සහ එක්සත් රාජධානියේ නිල සංචාරයක

ඔක් 29, 2021

    ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 16 වැනි ජී-20 සමුඵවට සහ එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුඵවට සහභාගිවීම සදහා ඉතාලියේ සහ එක්සත් රාජධානියේ දින 05 ක සංචාරයක් සදහා පිටත්ව ගොස් තිබේ.

    ඔහු අද උදෑසන රෝමයට පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. ඉතාලි අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව මෝදි මහතා 30 සහ 31 යන දෙදින පැවැත්වෙන ජී-20 සමුඵවට සහභාගි වෙයි. මෙම සමුඵවට එම රටවල රාජ්‍ය නායකයන් යුරෝපා සංගමය අනෙකුත් ආරාධිත රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සහභාගි වෙයි. මෙවර ජී-20 සමුඵවේදී කොවිඩ් වසංගතයෙන් ගොඩඒම සහ ගෝලීය සෞඛ්‍ය ශක්තිමත් කිරීම ආර්ථික ප්‍රකෘතිය දේශගුණික විපර්යාස බලශක්ති ගැටඵව සහ ආහාර සුරක්ෂිතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.

    Latest News