රුසියාවේ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව අද (28)...

ඔක් 28, 2021

    කොරෝනා වසංගතයේ නව රැල්ලකට මේ වන විට මුහුණපා සිටින රුසියාවෙන් කොරෝනා මරණ 1,159 ක් අද (28) වර්තා වුණා.

    එම සංඛ්‍යාව එරටින් එක් දිනක් තුළදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාවයි. අද එරටින් නව ආසාදිතයින් 40,096 දෙනෙකු ද හඳුනාගැනුණු බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    ඉන් 8,440 දෙනෙකුම වාර්තා වූයේ මොස්කව් අගනුවරින්. මොස්කව් අගනුවරින් හඳුනාගැනෙන ආසාදිතයින් සංඛ්‍යාව තවමත් ඉහළ අගයක පවතින බැවින් අගනුවර අත්‍යවශ්‍ය වෙළඳසැල් හැර අනෙකුත් ව්‍යාපාරික ස්ථාන ඇතුළු සියලුම අත්‍යවශ්‍ය නොවන ආයතන දින 11 ක කාලයක් වසා තැබීමටයි, බලධාරින් පියවර ගෙන ඇත්තේ.

    Latest News