අමෙරිකාවේ ආසාදිතයින්ගේ වැඩිවීමක්.....

ඔක් 29, 2021

    දෛනිකව කොවිඩ් ආසාදිතයින්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව, අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

    එරටින් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 78,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනුණා. අමෙරිකාවෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 1000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. එරට පැතිර යන ඩෙල්ටා ප්‍ර භේදය හේතුවෙන් රෝගය පාලනය කිරීම දුෂ්කර බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    රට තුළ එන්නත්කරණය වේගවත් කිරීම සඳහා රජය විසින් මේ දිනවල විශේෂ වැඩපිලිවෙලක් සංවිධාන කරනු ලැබ තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හාර කෝටි 66 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂ 63,000කට අධිකයි.

    Latest News