සිංගප්පූරු කොවිඩ් ආසාදිතයන්ගේ අසාමාන්‍ය ඉහළ යාමක්...

ඔක් 28, 2021

    කොරෝනා ආසාදිතයන්ගේ අසාමාන්‍ය  ඉහළ යාමක් දක්නට ලැබෙන බව, සිංගප්පූරු සෞඛ්‍ය බලධාරින් පවසනවා.

    ඊයේ එරටින් හඳුනාගැනුනු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,324 ක්. මීට හේතු පිරික්සීමට පරික්ෂණයක් අරම්භ කර ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර, ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 10 ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 349 දක්වා ඉහළ ගියා. එරට, සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 184,000 ඉක්මවනවා.

    එරට ජනගහනයෙන් 80% කට වඩා වැඩි පිරිසකට අවම වශයෙන් කොරෝනා එක් එන්නතක් හෝ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. තවද, ලොව කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් යළි දක්නට ලැබෙන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    මාස කිහිපයකට පෙර ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුනා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, 4% ක හෝ 6% ක ප්‍රතිශතයකින් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. එහෙත්, යුරෝපයේ වැඩි වූ ප්‍රතිශතය 18% ක්. බ්‍රිතාන්‍ය හා ඉතාලිය ඇතුළු තවත් රටවල් කිහිපයකින් මරණ සහ ආසාදිත සංඛ්‍යාව වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි එම සංවිධානය කියා සිටින්නේ.

    Latest News