සුඩාන විරෝධතා අතර වෙඩි ප්‍රහාරයක්

ඔක් 26, 2021

    සුඩානයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    ඊයේ සුඩාන රජය හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරලා දැමුනු අතර ඊට විරුද්ධව විරෝධතා ආරම්භ කෙරිණ. නගර රැසක විරෝධතා පැවැත්වෙන බවයි, වාර්තා වන්නේ. එම විරෝධතාවලට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තිදෙනෙක් මියගොස් 80ක් පමණ තුවාල ලබා තිබේ.

    සුඩාන හමුදාව මේ වන විට ගෙයින් ගෙට ගොස් විරෝධතා සංවිධාන කරන පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
    මෙම හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මේ වන විට ලොව පුරා විරෝධතා පළ වී තිබේ.

    එය මෙහෙය වූ ජෙනරල් අඛ්දෙල් ෆටා බර්හාන් කියා සිටින්නේ රට තුළ පැවති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් තමා මෙම පියවර ගත් බවයි.

    Latest News