අමෙරිකාවට එන සංචාරකයින්ට නව නීති රැසක්

ඔක් 26, 2021

    අමෙරිකාව සංචාරකයින්ට තම රට විවෘත කිරීමට තීරණය කිරීමත් සමග නව නීතිරීති රැසක් ජනාධිපති ජෝ බයිඩන් විසින් පනවා තිබේ.

    පසුගිය වසරේ කොරෝනා වෛරසය අමෙරිකාවේ ව්‍යාප්ත වීමත් සමග එරට සංචාරකයින් සඳහා සම්පූර්ණයෙන්ම විවෘත වන්නේ ප්‍රථම වරයි.

    ඒ අනූව ලබන මාසයේ දී සංචාරකයින් සඳහා තම රට විවෘත කිරීමට අමෙරිකාව සූදානම් වෙයි.

    සියලුම සංචාරකයින් කොරෝනා එන්නත් ලබා සිටීම අවශ්‍ය බවයි ධවල මන්දිරය නිකුත් කළ නව නීතිරීතිවල දැක්වෙන්නේ.

    අමෙරිකාවට පැමිණීමට ගුවන් යානයට ඇතුලුවීමට පෙර එන්නත්කරණය පිළිබඳ ගුවන් සමාගම් විසින් පරීක්ෂා කළයුතු වෙයි. අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් අනුමත කරන ඕනෑම එන්නතක් ලබාසිටීම ප්‍රමාණවත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    වයස අවුරුදු 18ට අඩු දරුවන් එන්නත්කරණය සිදු කිරීම අනිවාර්ය නැහැ.

    නමුත් එම දරුවන් සංචාරය කිරීමට දින තුනකට පෙර ලබාගත් කොවිඩ් ආසාදනය නොවූ බවට දැක්වෙන් පරීක්ෂණ වාර්තාවන් ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි. අමෙරිකාවේ වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන් එන්නත් කිරීම සඳහා මේ වන විට සැලසුම් සකස් කෙරෙමින් පවතියි.

    ළමා වෛද්‍ය විශේෂඥවරුන් මේ වන විට ඒ සඳහා අවශ්‍ය සාකච්ජා පවත්වන බවයි වාර්තා වන්නේ.

    Latest News