රුසියාවේ කොවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක්...

ඔක් 24, 2021

    රුසියාවේ කොවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    එරටින් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 37,000 ක් පමණ වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,075 ක්. එරට රජය, අගනුවර ඇතුළු බොහෝ ප්‍රදේශ අගුලු දැමීමට ද තීරණය කර තිබෙනවා.

    එන්නත්කරණයේ මන්දගාමී බව රෝග ව්‍යාප්තියට මූලික හේතුව බවයි, සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණය කරන්නේ. පූර්ණ එන්නත් ලබාදී ඇත්තේ, ජනගහනයෙන් තුනෙන් එකකට පමණක් බවද, වාර්තා වී ඇත.

    Latest News