ලොව විශාලතම මානව සම්පත් සම්මේලනය ශ්‍රී ලංකාවේ

ඔක් 23, 2021

    ලොව විශාලතම මානව සම්පත් සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කෙරේ.

    ලෝක මානව සම්පත් සමුළුව නමින් හැඳින්වෙන මෙම අන්තර්ජාතික සැසිවාරය දෙසැම්බර් මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

    පිරිස් කළමනාකරණ සංවිධානවල ගෝලීය එකමුතුව හා ආසියා ශාන්තිකර මානව සම්පත් සම්මේලනය එක්ව සමුළුව සංවිධාන කෙරේ.

    මෙහි මෙරට සම්බන්ධීකරණ ආයතනය ලෙස ක්‍රියා කරන්නේ, ශ්‍රී ලංකා වරළත් පිරිස් කළමනාකරණ ආයතනයයි.

    මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ අන්තර්ජාතික ප්‍රවීණයන් රැසක් කොළඹ සමුළුවට එක්වීමට නියමිතයි. ගෝලීය වසංගත තත්වය මධ්‍යයේ මානව සම්පත් කළමනාකරණය සමුළුවේ අවධානයට ලක් වන මූලික සංකල්පයයි. ශ්‍රි ලංකාවේ දී මෙම සමුළුව පැවැත්වීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා වරළත් පිරිස් කළමනාකරණ ආයතනයේ සභාපති ජයන්ත අමරසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

    සමුළුව සැසිවාර 7කින් විද්වත් මණ්ඩල සාකච්ජා වට 4කින් හා සමගාමී තාක්ෂණික සැසිවාර 4කින් සමන්විතයි.

    Latest News