ඔස්ට්‍රියානු චාන්සලර් ඉල්ලා අස්වේ...

ඔක් 10, 2021

    දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    හිස්වූ ධූරයට විදේශ ඇමති ඇලෙක්සැන්ඩර් ෂලන්බර්ග්ගේ නම යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය මුදල් අයතා ලෙස පරිහරණය කළ බවටයි, කර්ස්ට චෝදනා එල්ලවී ඇත්තේ. ලබන සතිය තුළ ඔහුට එරෙහිව විශ්වාස භංග යේජනාවක් ගෙන ඒමට ද විරුද්ධ පාක්ෂිකයන් සැලසුම් කර තිබෙනවා. තමා තවදුරටත් පක්ෂයේ නායකයා බවත්, ඉදිරියටත් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බවත් කර්ස් ප්‍රකාශ කර ඇත.

    Last modified on ඉරිදා, 10 ඔක්තෝබර් 2021 13:30

    Latest News