තලෙයිබාන් සංවිධානය හා අමෙරිකානු බලධාරින් අතර, ද්වීපාර්ශවීය හමුවක් ...

ඔක් 10, 2021

    ඇෆ්ගනිස්ථානයේ පාලක තලෙයිබාන් සංවිධානය හා අමෙරිකානු බලධාරින් අතර, ද්වීපාර්ශවීය හමුවක් ඊයේ පැවැත්වුණා.

    හමුව පැවැත්වුණේ, කටාර් රාජ්‍යයේ. අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව ගිය පසු පැවති මෙම හමුව සුවිශේෂී වන බවයි, විදෙස් පුවත් විචාරකයින් පවසන්නේ. මෙම හමුවේදී අන්තවාදී කණ්ඩායම් පාලනය, අමෙරිකානු පුරවැසියන් ඉවත්කරගැනීම හා මානුෂීය ආධාර ලබාදීම වැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

    කෙසේ වුවද අමෙරිකානු බලධාරින් පවසන්නේ, මෙම හමුවෙන් තලෙයිබාන් සංවිධානය නිල වශයෙන් පිළිගැනීමක් සිදුනොකරන බවයි. මේ අතර පසුගිය සිදුරාදා සිදුවූ ප්‍රහාරය අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ පසු එරට සිදුවූ දරුණුතම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය පවසනවා. කුන්දුස් නගරයේ පල්ලියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 50 දෙනෙකු මිය ගියා. ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබෙනවා.

    Latest News