චීන යුද ගුවන්යානා තායිවාන ගුවන් තීරයට ඇතුළු වෙයි...

ඔක් 02, 2021

    චීන යුද ගුවන්යානා 38 ක් අද තායිවාන ගුවන් තීරයට ඇතුළු වුණා.

    තායිවානයට සිය අප්‍රසාදය පළ කිරීමේ පියවරක් ලෙස චීනය මේ ක්‍රියාව සිදුකළ බවයි, අන්තර්ජාතික මාධ්‍ය සඳහන් කරන්නේ.  චීනය තායිවාන ගුවන් තීරයේ මෙතෙක් සිදුකළ බරපතලම උල්ලංගණය ලෙසයි, මෙය වාර්තා වන්නේ.  තායිවාන දූපතේ වයඹ දිග ප්‍රදේශයට අයත් ගුවන් තීරය හරහා චීන ප්‍රහාරක යනා ගමන් කළ බව, තායිවාන ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.  

    මාඕසේතුං 1949 වසරේදී මහජන චීනය ගොඩනගද්දී එවකට චීනයේ පාලනාධිකාරිය තායිවාන දූපතට පළාගොස් විකල්ප පාලනයක් ස්ථාපනය කළා.  එහෙත් චීනය ප්‍රකාශ කරන්නේ, තායිවානය තම රටේ කොටසක් බවයි. මේ නිසා ලොව බොහෝ රටවල් තායිවානය රටක් ලෙස පිළිගෙන රාජතාන්ත්‍රික සබඳතා පවත්වන්නේ නැහැ. අමෙරිකාව ද එම ප්‍රතිපත්තිය අනුගමනය කළ නමුත්, තායිවානයේ ආරක්ෂාව සඳහා අවි සැපයීමට පියවර ගෙන තිබෙනවා.

    Latest News