ලා පද්මා දූපතේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

සැප් 25, 2021

    ස්පාඤ්ඤයේ ලා පද්මා දූපතේ පිහිටි කඳු වළල්ලෙහි එක් ගිනි කන්දක් සක්‍රීය වී තිබේ.

    ඒ සමග දහස් ගණන් ජනයා ඒ ආසන්න ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ගිනි කන්දේ බලපෑම හේතුවෙන් මේ වන විට නිවාස 350කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ගලබා ගැනීමේ කණ්ඩායම් වාර්තා කර තිබේ.

    එමෙන්ම, තවත් නගර තුනක පදිංචිකරුවන්ට ද සිය නිවාසවලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට බලධාරීන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    ගිනි කන්ද අවට ප්‍රදේශයේ අධික උණුසුම සහිත ලාවා ගලා ඒම හේතුවෙන් ගිනි නිවන භටයන්ට ළගම ගම්මානවල පමණක් රැඳී සිටීමට බලධාරීන් නියෝග කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 25 සැප්තැම්බර් 2021 12:04

    Latest News