ලිතුවේනියාව, චීන දුරකථන භාවිතයෙන් ඉවතට

සැප් 25, 2021

    චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් වන ලෙස යුරෝපානු රාජ්‍යයක් වන ලිතුවේනියා රජය ජනතාවට දැනුම් දී තිබේ.

    ලිතුවේනියා ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් චීන දුරකථන පිළිබඳ කළ පරීක්ෂණයකින් අනතුරුව මේ බව දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ලිතුවේනියා ආරක්ෂක අමාත්‍යාංශය විසින් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන විසිකරන ලෙසයි.

    එමෙන්ම, චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන මිලදී ගැනීමෙන් වළකින ලෙස ද එරට බලධාරීන් ජනතාවට අනතුරු අගවා ඇති බව වාර්තා වෙයි. චීනයේ නිෂ්පාදිත 5ජී දුරකථන පිළිබඳ කළ පරීක්ෂණයක් තුළින් චීන දුරකථන,පුද්ගලයන් පාලනය කිරීමට තැත් කරන බව සොයාගෙන තිබේ.

    සමහර චීන දුරකථන මාදිලි තුළ තිබූ මෙවලම් මගින් චීනයට විරෝධී වචන භාවිතය වාරණය කර තිබේ. තවත් මාදිලි තුළ පෞද්ගලික තොරතුරු සඳහා ලබා දී තිබෙන ආරක්ෂාව අඩු බව ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය පරීක්ෂණ මගින් හෙළි කරගෙන ඇති බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 25 සැප්තැම්බර් 2021 12:04

    Latest News