කොරෝනා-19; මේ වනවිට පුද්ගලයින් 47 ලක්‍ෂ 51,000කට වැඩි පිරිසක්, ලොව පුරා මියයයි

සැප් 25, 2021

    කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයින් 47 ලක්‍ෂ 51,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි නවතම දත්ත වාර්තාවක් පෙන්වා දෙයි.

    ජෝන් හොප්කිංග්ස් විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික සහ තොරතුරු අංශය විසින් නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන්. වාර්තාවීම දෛනිකව පුද්ගලයන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යයි. එමෙන්ම පන් ලක්‍ෂයකට ආසන්න පිරිසක් දෛනිකව ආසාදිතයන් බවට පත්වන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

    අද වනවිට ගෝලීය වශයෙන් පුද්ගලයන් 23 කෝටි 18 ලක්‍ෂ 99,000කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයට ලක්ව ඇති අතර, ඉන් 20 කෝටි 85 ලක්‍ෂයකට වැඩි පිරිසක් මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව, වාර්තාවල සඳහන් වේ.

    ගෝලීය වශයෙන් මේ වනවිට වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 47 ලක්‍ෂ 51,000 ඉක්මවා ගොස් තිබේ.

    Latest News