ගෝලීය ආසාදිතයන් මිලියන 227 ඉක්මවයි...

සැප් 17, 2021

    ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 227 ඉක්මවා ගොස් තිබෙනවා.  

    මරණ සංඛ්‍යාව මිලියන 4.68 කට අධික බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 41 කට අධිකයි. මරණ සංඛ්‍යාව 666,000 කට අධිකයි.  

    අමෙරිකාවෙන් ගතවූ පැය 24 තුළ හඳුනා ගැනුණු නව ආසාදිතයන් සංඛ්‍යාව 151,142 ක් .මරණ සංඛ්‍යාව 1,871 ක්. ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් රෝහල් ගත කෙරෙන සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවේද වර්ධනයක් පෙන්වයි.

    Latest News