චීනයේ යළි කොවිඩ් පොකුරු

සැප් 15, 2021

    චීනයේ ෆූජියන් ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය යළි ආරම්භ වී තිබේ.

    මෙම වෛරස ආසාදිතයන් පොකුරු පාසලක් ආශ්‍රිතව වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට 100කට අධික පිරිසක් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

    තත්වය පාලනය කිරීමට සංචරණ සීමා පැනවීම,පාසල් වසා දැමීම වැනි ක්‍රියාමාර්ගවලට බලධාරීන් යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

    ෆූජියන් ප්‍රදේශයේ පූටියන් නගරයේ මිලියන තුනකට අධික ජනගහණයක් වෙසෙයි.

    සිංගප්පූරුවේ සිට පැමිණ පුද්ගලයෙකුට නව වෛරස රැල්ල හටගෙන ඇති අතර නගරයේ සියලු දෙනාට වෛරස පරීක්ෂාවන් සඳහා යොමුවන ලෙසයි, බලධාරීන් නියෝග කර ඇත්තේ.

    Latest News