තලේබාන් විදෙස් ඇමති නව රජයට සහය ඉල්ලයි

සැප් 15, 2021

    නව රජය සමග එක්ව කටයුතු කරන ලෙස තලේබාන් ත්‍රස්ත සංවිධානයේ අන්තර්වාර රජයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අනෙකුත් රටවලින් ඉල්ලා සිටියි.

    මේ අතර අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යාම පිළිබඳ විශේෂ විමර්ශනයක් එරට සෙනෙට් සභාව ආරම්භ කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
    විදේශ සබඳතා කමිටුවේ ඩිමොක්‍රටික් පක්ෂ සභාපතිවරයා ලෙස ක්‍රියාකරන්නේ,බොබ් මෙන්ඩෙන්ඩස්.

    ඊයේ පැවති විශේෂ සභාවාරයේ දී ඩිමොක්‍රටික් පක්ෂ සභාපතිවරයා කියා සිටියේ, ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම දෝෂ සහගත බවයි. ඒ පිළිබඳ පූර්ණ පැහැදිලි කිරීමක් බයිඩන් රජය විසින් සිදුකළ යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.

    දිගු කාලීනව රඳවනු ලැබ සිටි හමුදා ඉවත් කර ගැනීම වැනි ක්‍රියාවලියක දී වගවීමක් තිබිය යුතු අතර, ඒ පිළිබඳ පැහැදිලි සැලැස්මක් ද පැවැතිය යුතු බවයි, විදේශ සබඳතා පිළිබඳ විශේෂ සෙනෙට් කමිටුවේ දී අවධාරණය කෙරුණේ.

    මෙහිදී ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කැඳවා තිබිණ.
    මේ අතර තම නව රජය සමග එක්ව කටයුතු කරන ලෙස තලේබාන් අන්තර්වාර රජයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අමීර් ඛාන් මුටාකි, ලොව අනෙකුත් රටවලින් ඉල්ලා සිටියි.

    Last modified on බදාදා, 15 සැප්තැම්බර් 2021 10:41

    Latest News