ඉන්දියාවේ ආසාදිතයින් යළි ඉහළට...

සැප් 02, 2021

    ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් තිබෙනවා.

    එරටින් මාස 02 ක කාලයක් තුළදී දෛනිකව වාර්තාවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එම සංඛ්‍යාව 45,971 ක්. ඉන් ආසාදිතයින් 70% කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් බවයි,  සෞඛ්‍ය අංශ පවසන්නේ.

    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මේ වන විට කොරෝනා ව්‍යාප්තියේ දැඩි බලපෑමට ලක්ව ඇත. එම ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් ඉහළයාමත් සමග වෛරසය එරට අනෙකුත් ප්‍රාන්ත දක්වා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා විධිමත් පියවර ගත යුතු බවයි ප්‍රාන්ත බලධාරින් පවසා ඇත්තේ.

    කෙසේ වෙතත්, මෙම මසදී ඇරඹෙන උත්සව සමය හේතුවෙන් එරට සෙසු ප්‍රදේශවල ද කොරෝනා අසාදන තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරින් අනතුරු අඟවා ඇත. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 32,800,000 ඉක්මවා ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 440,000 කට ආසන්න බවයි වාර්තා වී ඇත්තේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 සැප්තැම්බර් 2021 19:24

    Latest News