අමෙරිකාවේ මරණ අනුපාතයන් තවදුරටත් ඉහළට...

සැප් 02, 2021

    ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ රෝහල්ගතවීමේ සහ මරණ අනුපාතයන් තවදුරටත් ඉහළයමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ පවසා ඇත.

     

    අමෙරිකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද කෝටි 04 ඉක්මවා ගියා. ඊයේ දිනයේදී එරටින් නව ආසාදිතයින් 184,420 ක් හඳුනාගැනුණා. ඊයේ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,480 ක්.  ඒ අනුව, අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද (02) වන විට 660,000 කට ආසන්නවී ඇත.

    මේ අතර, එරට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මන්දගාමී එන්නත්කරණය සහ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ අඛණ්ඩ බලපෑම හේතුවෙන් එරට දෛනික කොරෝනා ආසාදිතයින් ඉහළයාම නිසා බොහෝ රෝහල්හි ධාරිතාව මේ වන විට ඉක්මවා ගොස් ඇති බවයි.

    Latest News