එන්නත්කරණයේ දී සංචාරක හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානය ; WHO

අගෝ 30, 2021

    කොවිඩ් 19 පාලනය සඳහා එන්නත්කරණ ක්‍රියාවලියේ දී සංචාරක හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

     

    යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ පාසල් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එය අත්‍යවශ්‍ය බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත. අමෙරිකාවේ ජෝන් හෝප්කින් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 38.79 ක්. සමස්ත මරණ සංඛ්‍යාව 637,523 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයත් සමග දෙසැම්බර් වන විට 600,000 කට අධික මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකි බවට එම සංවිධානය අනතුරු අඟවා ඇත. එරට බෝවන රෝග පිළිබඳ ජාතික වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ඇන්තනී ෆවුච් පවසන්නේ එන්නත් ලබා නොගත් පුද්ගලයින් හේතුවෙන් රෝගය තවදුරටත් උග්‍ර අතට පත්වන බවයි. රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් ඇති අතර, ඔක්සිජන් හිඟවීම නිසා මරණ සංඛ්‍යාව ද වැඩිවී ඇති බවට සෞඛ්‍ය අංශ පවසා ඇත.

    Latest News