ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයන්ගේ වාර්තාගත ඉහළ යාමක්

අගෝ 29, 2021

    ඔස්ට්‍රේලියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබේ.

    එරට දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 1122ක් හමුවූ අතර, දෙදෙනෙකු මියගොස් තිබේ. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ සිඩ්නි නුවරින්.

    රෝගය පාලනය සඳහා සිඩ්නි නුවර ඇතුළු ප්‍රදේශ රැසක අඟුළු දැමීමේ නීති ක්‍රියාත්මක වුවද, රෝගය පාලනය කිරීම දුෂ්කර වී තිබේ. එන්නත්කරණයේ මන්දගාමී බව රෝගය ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News