තලේබාන් ත්‍රස්තවාදීන්ට තවදුරටත් ප්‍රහාර

අගෝ 29, 2021

    ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල අසලට ප්‍රහාර එල්ල කළ තලේබාන් ත්‍රස්තවාදීන්ට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ජේ බයිඩන් පවසයි.

    අමෙරිකානු හමුදාව ඊයේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් අයිඑස්-කේ ත්‍රස්තවාදීන් රැඳී සිටින ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කළේය. පසුගිය දිනවල කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ සිදු වූ මරාගෙන, මැරෙන ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 170කට අධිකයි. තලේබාන් කැරලිකරුවන් මේ වනවිටත් ඇෆ්ගනිස්තාන වැසියන්ට කාබුල් ගුවන් තොටුපලට ඇතුළුවීම වළකා තිබේ.

    අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තාන වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර, මේ වනවිට ලක්‍ෂයකට අධික පිරිසක් මුදාගෙන ඇතැයි අමෙරිකානු හමුදාව පවසයි.

    Latest News