ඇෆ්ගන් වැසියන්ට අමෙරිකානු ජනපති දුන් පොරොන්දුව

අගෝ 27, 2021

    කුමන බලපෑමක් එල්ලවුව ද ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටින සිවිල් වැසියන් ඉවත් කරගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහතික වෙයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ සිදු වු ප්‍රහාරයන්ට සම්බන්ධ පාර්ශව වෙත දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට ද ජනාධිපතිවරයා සහතික වූ බවයි. 

    මියගිය අමෙරිකානු හමුදා සොල්දාදුවන් 13 දෙනා අතර මැරීන් භටයින් 10 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    බ්‍රහස්පතින්දා සවස ධවල මන්දිරයේ දී අදහස් දක්වමින් අමෙරිකා ජනාධිපතිවරයා, අමෙරිකානු පුරවැසියන් සහ ඇෆ්ගනිස්ථානයේ මිත්‍රයින් ඉවත් කර ගැනීමේ උත්සාහයන් අඛණ්ඩව සිදු කරන බවට පොරොන්දු විය. ප්‍රහාරය මෙහෙයවූ ත්‍රස්තවාදීන්ගෙන් පළිගන්නා බවට ඔහු පොරොන්දු විය.

    කාබුල් ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරය ජගත් නායකයන් රැසක් විසින් ද හෙළා දැක තිබේ.

    මේ අතර 73 දෙනෙකුට මරු කැදවමින් ඇෆ්ඝනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළ ආසන්නයට එල්ලවූ ද්විත්ව බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි එස් සටන්කාමීන් විසින් භාරගෙන ඇතැයි සදහන්. 

    තවත් 150 කට ආසන්න පිරිසක් ප්‍රහාර වලින් තුවාල ලබා ඇති අතර මිය ගිය පිරිස අතර අමෙරිකානු සෙබලු‍න් 13 දෙනකු ද වෙයි. 

    Last modified on සිකුරාදා, 27 අගෝස්තු 2021 10:57

    Latest News